Thursday, March 1, 2018

නමුණුකුල තරණය


සෙනසුරාදා දින හිමිදිරි පාන්දර 6 ට නුවර සිට බදුල්ල බලා වූ බස් රථයේ අපි ගමන් ආරම්භ කලේ නමුණුකුල ශිඛරය සොයා යාමේ  අරමුණිනි. කෙමෙන් කෙමෙන් පාන්දර හීතලේ ගහෙමින් උදෑසන 9.30 පමන වන විට අපි බදුල්ලට ලඟාවූයේය. ඉන් පසු බදුල්ල බස් නැවතුම අසල තිබූ සයිවර් කඩයකින් හොඳින් සප්පායම් වූ අපි සියල්ල ගමනට අවශ් වූ අඩුම කුඩුම ගැනීමෙන් අනතුරුව ස්ප්රිංවැලී-මීමලේ බස් රථයට ගොඩනැනුනෝය. හරියටම දහවල් 12 මේ බස් රථය බදුල්ල නගරයෙන් පිටත් වූයේ මුතියංගණය රාජමහා විහාරය අසලින් වූ පස්සර මාර්ගය ඔස්සේ රථය යොමු කරමිනි. විටෙක මාර්ගය මැදින් ගලායන දොල පාරවල් සහිත, ඉතාමත් වංගු සහිත බස් රියකට ධාවනය කිරීමට ඉතා අපහසු මාර්ගයක් ඔස්සේ බස් රථය ඇදුනේ ඉතාමත් මන්දගාමි සවරූපයෙනි. ස්වල්ප වේලාවකින් තරමක් සෞම්‍ය සිසිල් ගතියක් ඇති කරමින් තේවතු මැදින්, ඉතාමත් මනස්කාන්ත දර්ශන සහිත පරිසරයක් වෙත ලංවිනි. බස් රථයේ ගමනාන්තය වූ මීමලේට දහවල් 1 පමන වන විට ලඟාවූයේ කි.මි 08 පමන දුරක් ගෙවමින්ය. මීමලේ යනු නමුණුකුල කඳුවැටියේ එක්පසකින් පාමුල වූ ඉතා කුඩා දමිළ ගම්මානයකි. කන්ද නැගීමට පෙර ඔබට රැගෙන යාමට අවශ් දෑ වෙතොත් ගත හැකි එකම ස්ථානය වනුයේ මෙම ගමෙහි ඇති එකම කුඩා කඩයෙන් පමනි

තේ වතු මැදින් වැටුනු කුඩා කරත්ත පාර

ගම්මානයට 200 m පමන කලියෙන්  දකුණු පැත්තට වන්නට ඇති තේ වතු මැදින් වැටුනු කුඩා කරත්ත පාරේ ගමන ආරම්භ කලෙමු. එහි සිට 350 m පමන යන විට කුඩා දේවාලයක් හමු වේ. එතනින් තවත් මද දුරක් විශාල ගල් අතරින් වූ මාර්ගය දිගේ 300ම m පමන ගමන් කල විට ගුරුපාරේ වංගුවක් සමඟම කුඩා දිය ඇල්ලක් හමු විය.එහි අසල වූ ගල් කීපයක් මත ගමන් මලු තැබූ අපි දිය ඇල්ලට ගොස් ගමන් මහන්සිය නිවාගෙන නැවත ගමන් ඇරඹ්ය.එහි දී ගමන් මාර්ග දෙකක් දැකිය හැක. එකක් නම් දිය ඇල්ල සමඟම ඉවුර දිගේ තේවත්ත කෙලවරින් තිබෙන කුඩා කැළෑ වැදුනු  තරමක් බෑවුමක් අති අඩ් පාර දිගේ දිය ඇල්ලේ ඉවුර දිගේ ඉහලට නැගීමයි. එවිට විශාල ගල් සහිත භූමියක් සමඟ දිය ඇල්ලේ ඉහල කුඩා දොල්පාරක්ට සම්භන්ධවේ.
දිය ඇල්ල

අනෙක් මාර්ගය නම් එම දිය ඇල්ල පසු කර බොරලු පාර දිගේ තවත් 250මී පමණ ගමන් කරන විට වම් අත පැත්තෙන් හමු වන සුදු තීන්ත ගෑ පොහොර ගබඩාව සමඟ තේවත්ත මැදින් වැටුනු මඳක් වම් අත දෙසට වූ කුඩා අඩි පාර දිගේ ගමන් කිරීමයි.එහිදී එම අඩි පාර සම්භන්ධවනුයේ පෙර කී දිය ඇල්ල හා තේවත්ත අතරින් පිහිටි බෑවුම් සහිත කුඩා අඩි පාරට වේ. පෙර කී මාර්ගයට සාපේක්ෂව ගමන් කිරීමට පහසු මාර්ගයක් ලෙස මෙය දැක්විය හකිය.
මිනිත්තු කිහිපයක් මෙම දොල පාර අසල ගිමන් හැර නැවත ජලය පුරවාගත් අපි දොලපාර පැන්න පසු ඉහට තිබෙන අඩි පාර ඔස්සේ ගමන් ආරම්භ කලෙමු. ඔබට පිරිසිදු පානීය ජලය පහසුවෙන් පුරවාගත හැකි එකම ස්ථානය මෙම ඇල පාරයි.
මෙතැන් සිට ගමන් කිරීමට ඇත්තේ යුකැලිප්ටස් වනයක් මැදින් වටුනු අඩ් පාරක් දිගේ වේ. මෙහි තරමක් බෑවුම් සහිත මඟක ගමන් කිරීමට සිදුවේ.තරමක් දුරට ඉදිරියට ඇදෙන විට ගලක් මත මුලින් ඉදිරී වැටුනු යුකැලිප්ටස් ගස් දෙකක් අතරින් අඩ් පාර පැහැදිලිව වැටී තිබුනු අතර අපි ඔස්සේ සෙමින් ඉදිරියට ඇදුනෙමු.
මුලින් ඉදිරී වැටුනු යුකැලිප්ටස් ගස්
සවස් කාලය නිසා යුකැලිප්ටස් වන වරින් වර මීදුමෙන් වැසී ගියේ නමුණුකුල කඳු වලල්ල හරහා ගෙන යන සීතල සුලඟින් ගතේ වූ විඩාව නැති කරමිනි. මීදුම්පටලයන් නිසා විටෙක යුකැලිප්ටස් වනාන්තරය තුල අඳුරු ගෙනදුන්නේය.
මීදුම් ගැසූ යුකැලිප්ටස් වනාන්තරය
යුකැලිප්ටස් වනය අවසන් වී වනාන්තරය ආරම්භ වන ස්ථානය

වනය තුලින් ඉහලය ඇදෙමින්

මෙලෙස පැය එකහමාරක් පමන යුකැලිප්ටස් වනය දිගේ ඉහලට ඇදුනු පසු වනාන්තර කුට්ටියක් හමුවිය. පැහැදිලිව වනාන්තරය තුලට සම්භන්ධ වන අඩි පාර අසල මඳක් විවේක ගත්තෙමු ඉන්පසු වනාන්තරය තුල පිවිසෙන විටම වනාන්තරයටම අනන් වූ සීතලක් සමඟ අඩි පාර දිගේ ඉහලට ඇදුනෙමු. කෙමෙන් කෙමෙන් ඉහලට ඇදෙත්ම බෑවුම් ස්වරූපය වැඩිවීමක් දැනෙන්නට විය.මෙලෙස මහ වනය මැදින් පැය දෙකක් පමන ඉහලට ගිය විට කඳු මුදුනට ලංවුනෙමු. වනාන්තරය තුල නොනැවතී ගමන් කිරීම නිස විඩාපත් වී සිටි අපට කඳු මුදුන දක්වා කොටස තරමක් දුෂ්කරවිය. නමුත් දුෂ්කරතාවයන් මැඩලමින් කඳු මුදුනට අපට විවෘත භූමියක් හමු විය. එහි කලින් කිහිප විටක් කඳවුරුලා තිබූ බවට සාක්ෂි ඉදිරිපත් කලේ තැනින් තැන ඉතිරිව තිබූ අඟුරු හා අර්ධ වශයෙන් දහනව ඉතිරි වූ දර කොට නිසාවෙනි.
කඳු මුදුන

එහි කඳවුරු භූමියේ සිට ඉදිරියට වූ බෑවුම දෙසට මුහුනලු විට ඉතාමත් දර්ශනීය දසුනක් නෙත ගැටුනේ මොහොතකට කාලය ගෙවීයන බවද අමතක කරමිනි. අපි ඉහලට ලං වූයේ සවස 5.30 වන විට නිස මොහොතේ ඉර බැස යන දර්ශනය තරමක් දිස්විය. සමඟම ගත වෙලාගත්තේ මිහිදුම් වලාවක් කැටුව එන සුළඟිකිනි. කඳවුරුලෑමට සුදුසු භූමියක් සෙවීමට උත්සුක වූ අපට එහි සතර දිසාවටම වූ අඩි පාරවල් දිගේ ගමන් කිරීමෙන් පසුව කඳවුරුලෑමට සුදුසු භූමි කිහිපයක් හා අත්හැර දමන ලද ගල් ලිඳක්ද හමු විය. එහෙත් අප සියල්ලෝම එකඟවූයේ මුලින් අප පැමිනි විට හමු වූ කඳු මුදුනේ මුලින්ම අපට හමු වූ තැන කඳවුරු බැදීමටයි. තවදුරටත් අඳුර වැටීමට මත්තෙන් සියල්ලෝම කල යුතු වැඩ බෙදාගනිමින් අයෙක් දර සෙවීමද, තවකෙක් කඳවුර ගැසීමද, තවකෙක් ආහාර පිසීමද කලෝය.
කඳවුර ගැසීම

ඒ සමඟම  කොහේදෝ සිට පැමිණි මිහිදුම් වලාවක් අප වටකරගත්තේ දරා ගැනීමට අපහසු සීතලක් ඇතිකරවමිනි. කෙසේ හෝ රාත්‍රී 8.30 වන විට අපගේ රාත්‍රී ආහාරය වූ තම්බන ලද නූඩ්ල්ස්, බදින ලද සොසේජස් හා බිත්තර සකසා ගත්තේ සීතලේ මිරිකෙමිනි. ආහාර පිසින අතරතුර අප ගේන ආ ජලය මදි වූ හෙයින් අත්හැර දමන ලද ලිදේ වූ කලු පැහැති ජලයේ පිහිට පැතීමට සිදු විය. එහි කිසිදු දුර්ගන්ධයක් නොවූ නිසා යම්තාක් දුරට එය සහනයක් විය.
රාත්‍රී නමුණුකුල අහස අප කිසිදා නොදකින කොළඹ , නුවර අහසට සම කල නොහැකි වූද, කිව නොහැකි තරම් සුන්දරත්වයකින් හෙබි වූද, අපගේ නෙත් සිත් වශී කිරීමට තරම් එවැනි අහසක් කිසි දිනෙක මා දැක නොතිබිනි. තරු වල ආලෝකය නිසා අහස තරමක් ආලෝකමත් වී තිබිනි. වෙනදා පියවි ඇසට නොපෙනුනු තරු රටා අද ඉතා පැහැදිලිව දර්ශණය වූයේ දුටුවන් අමන්දානන්දනයට පත් කරමිනි.
රාත්‍රී නමුණුකුල අහස
ඉතාමත් තද ශීතල හමුවේ ගිනිමැලයක් දල්වාගත් අපි රාත්‍රී ආහාර අනුභව කර ඉනික්බිති නින්දට යෑමට සැරසුනි. අප සය දෙනෙක් සිටි නමුත් අප ගෙන ආ එක් ටෙන්ට් එකක් තුල උපරිම සිටිය හැකි වූයේ හතර දෙනෙකුට පමනක් වූ නිස ටිරා සමඟ අනෙක් ටෙන්ට් එක තුල මා නිදාගැනීමට පැමිනියෙමි. අවාසනාවකට එක ටෙන්ටය හොඳින් ආවරනය නොවී තිබූ නිසා සිහිල් සුලන් හා ශීතල අතුල්ට පැමිනියේය. තරමක් සීතල්ට ඔරොත්තු දෙන ඇඳුම් නිස සීතලෙන් බේරීමට හැකි වුවද කෙමෙන් මැදියම් රැය පසු කරන අවට උෂ්ණත්වය සෙල්සියස් 14ක් පමන පහලට වැටුනේය
පසුවදා උදෑසනම අවදි වූ අපට දැකගැනීමට හැකි වූයේ වලාකුළු වලට ඉහලින් අප සිටින විට දැනේන හැඟීමකි.කඳු මුදුනේ අනෙක් පැත්තට ගමන් කලේ ඉර සේවය නැරඹීමේ අටියෙනි.ගල් ලිඳ පසු කොට ඇති අඩි පාර දිගේ ඉදිරියට යන විට කුඩා පන්සලක් හා කුඩා කෝවිලක් හමුවේ. මෙම කොවිල සිට ඉදිරියට මුහුන දැමූ පසු ඉර උදාව දැකගතිමු. ඉර සේවය බලා ගැනීමට නම් උදෑසන 5.30-6.00 පමන වන විට මෙම ස්ථානයට පැමිණිය යුතුය. වළාකුළු සහිත වුවද එදින හොඳින් ඉර උදාව දැකගත හැකිවිය.
වළාකුළු වලට ඉහළින්

කුඩා පන්සල
ඉර සේවය


නැවත කඳවුරු භූමියට ගිය අපි උදෑසන ආහාරය අනුභව කොට අවට වූ පොලිතින්,ප්ලාස්ටික් සියල්ල පුළුස්සා දමා පිරිසිදු කර දැමුවෙමු. ඉනික්බිති උදෑසන 10.30 පමන වන විට කන්ද බැසීමට ආරම්භ කලෙමු. ගල් ලිඳ දෙසට යන විට වම් අත දෙසට වූ අඩ් පාර ඒ සඳහා අපි තෝරාගත්තෙමු. පසුවෙන් සොයා ගත හැකි පැහදිලි අඩ් පාරේ මුල් කොටස සුදු තිරිවානා විසිරුනු පිරිසිදු පාරකි. එම අඩි පාර දිගේ ස්වල්ප දුරක් ගිය පසු අඩි පාර දෙකට බෙදේ. එයින් දකුනු දෙසට හැරුනු විට තවත් කඳවුරු භූමියක් අතරින් ගමන් කල පසු බෑවුම දෙසට වන්නනට ගමන් කල විට පහලට ඇති අඩ් පාර දිගේ අනතුරුව ගමන් කලෙමු.මෙය පහලට වන්නට තරමක් බෑවුම් සහිතවූද පෙර දින අප මීමලේ දෙසින් නැඟි පාරට වඩා බොහෝ සෙයින් පහසු මඟක් විය.මෙලෙස පැයක් පමන පහලට පැමිණි විට ඉතාමත් මනරම් දර්ශනයක් සහිත තේවත්තක් සහිත බෑවුම් ප්‍රදේශයක් හමු විය. එය නමුණුකුල කැළෑවට ඇතුල් වීමට තිබූ එක් මඟකි. කැළෑවට පිවිසේන ස්ථානයේ අයියනායක දෙවියන්ට කොල කඩා ආරක්ශාව පතන කුඩ ගල් දේවාලයක් දැකගත හැක.
නමුණුකුල කැළෑවට ඇතුල් වීමට තිබූ අනෙක් මඟ

පෙර දිනයේ සිට නිසි ලෙස ජලය පානය කිරීමට නොහැකි වූ අපි තේවත්ත මැදින් ගලා බසින කුඩා දිය පහරකින් රිසි සේ ජලය පානය කොට ජල බෝතල් ද පුරවාගත්තෙමු.මෙලෙස පැයක් පමන තේවත්ත පහලට ගමන් කරන විට ලයිමක් හමු වේ. එහි වූ බොහො දෙනෙක්ට සිංහල නොතේරේ. 
තුනේ කණුවට බැසීමට ලයිම මැදින් වැටී ඇති මාර්ගය 

මෙම ල්යිම මැදින් වැටී ඇති පාර දිගේ ගමන් කලහොත් පැය 4කින් පමණ බදුල්ල-පස්සර පාරේ තුනේ කණුව ට ගමන් කල හැක. එහෙත් අපි GPS මගින් එයිට වඩා කෙටි මාර්ගයක් සොයාගත් හෙයින් තේවත්ත මැදින් වූ අතුරු පාරක් දිගේ ගොස් බදුල්ල-පස්සර පාරේ පහේ කණුවට බැස්සේ සවස 3 පමන වන විටයි. 
පහේ කණුව ට බසින විට හමු වූ දිය ඇල්ල

මහා මාර්ගයට බැසීමට පෙර කුඩා දිය ඇල්ලක් හමු වූ හෙයින් හොඳින් නා පිරිසිදු වී පහේ කණුවට බැස්සෙමු. එතනින් බස් රථයක් ගත් අපි බදුල්ල බලා පිටත් වූයේ හොඳින් සප්පායම් වීමේ අටියෙනි


ඡායාරූප- ඩිල්ශාන් තීක්ෂණ

No comments:

Post a Comment